ශ්‍රී සර්වඥ ධාතූන් දකුණින් උතුරට වැඩම කරවීම 'වෙසක් නෑගම' හුණුපිටිය ගංගාරාමයෙන් ඇරඹෙයි.


ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය සංවිධානය කරනු ලබන 'ධර්ම ශක්ති පූජා' වෙසක් වැඩසටහන හුණුපිටිය ගංගාරාම සීමා මාලකය අභියසින් අද ආරම්භ විය.

වෙසක් නෑගම යන්න තේමාකර ගනිමින් රට දැය සැමට සෙත්පතා දකුණින් උතුරට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩමකරවීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට මහා සංඝරත්නය සහ සැදැහැවතුන් පිරිසක් එක්ව සිටියහ.


xxxxxxxxxxxx