වඩුන්නාගල (වඩිිඩමාන, වෙඩික්කින්නරිමලේ ) පුද බිම


වඩුන්නාගල { ( "වඩිිඩමාන " ) ( වෙඩික්කින්නරිමලේ " ) }


 දුරාතිතයේ සිංහල රාජධානි සමයේ ඉදිකරන ලද බෞද්ධ පුද බිමකි.නමුත් ක්‍රමයෙන් රාජධානි බිඳවැටිමිි හා යටත් විජිත සමයන් වල බලපැම ද ඒ වගේම ඉන් පසු ද්‍රවිඩ ජනාවාස ඇති වීම සමග ..ද්‍රවිඩ ව්‍යවහාරය සමග අද වන විට වෙඩික්කින්නරිමලේ ලෙස පරිවර්තනය වු බව පෙනි යයි.


වඩුන්නාගල සාමාන්‍යය පිහිටිම.


පළාත - උතුරු පළාත.


දිස්ත්‍රික්කය - වවිිනියාව .

(පුද බිම වවිිනියාව උතුරු කොටසෙහි පවති )

ග්‍රාම නිලධාරි වසම -ඔිලුමඩු 222 B.


වර්තමානයේදී අක්කර 23000 ට අධික වපසරියක් ඇති ඔිිලුමඩු වනාන්තරය මැද්දේ පවතින මනරමිි බෞද්ධ පුරාවිද්‍ය භූමිය කි.නමුත් හාත්පස ගවෙිිශණය කිරිමෙිිදි අපට තහවුරු කර ගත හැකි වනුයේ අතිතයේ ඉතාම සශ්‍රීක ගොවි බිමිිි පැවති බවය.මන්ද මෙම ස්ථානය අවට නටඹුන් වී ගිය කුඩා වැවිි විශාල ප්‍රමාණයක් අදටත් දැන ගත හැක.අවට ගැමි ජනතාව සමග අදහස් හුවමාරු කර ගත් අවස්තාව ක...නාගයි කුලමිි,පන්කුලමිි,නොචිිචිකලමිි,පුලියන් කුලමිි ආදි පැරණි වැවිි ගැන ඔවුනගේ අතීත මතකයන් අපට පවසන ලදි.


මෙම බොදු පුදබිම පිළිබඳ මහාවංශයේ  සඳහන්ය.අතිතයේ විසු නාග ගෝත්‍රිකයින් වැඩි පිරිසක් වාසය කළේ උතුරු පළාතේය.එය ශ්‍රි මහා බොධින්වහන්සෙ වැඩම කරවිමෙිි අසිරිය දි මනාව තහවුරු වෙිි.

අතිත වංශකතාවල සඳහන් වන පරිධි වඩුන්නාගල නමින් හැඳුනු නාග ජන කොටසෙ  රාජධානිය පැවත ඇත්තේ  මෙම රක්ෂිත ය තුල බවට ද මතයක් පවති.


පුරාවිද්‍ය චක්‍රවර්ති පූජනිය එල්ලාවල මෙිිධානන්ද නාහිමියන්ගෙන් ගවෙශණ වාර්තා වලද මෙම මනරමිි ස්ථානය ගැන වාර්තා සඳහන් වෙ.1964 ,1973 එල්ලාවල නාහිමියන්ගෙ ගවෙිිශණ චාරිකා වල එවකට එම පර්වත මුදුනෙහි නටඹුන් වු ස්තුප දෙකක සාධක තිබු බවත් එම ස්ථුප එකක් අඩි 21 එකක විශ්කම්භය කින් හා අඩි 6 ක උසකින් ද අනෙක් ස්ථුපය අඩි 11 ක උසකින්ද විශ්කම්භය අඩි 40 ක් ද වනසේ පිහිටි බව සඳහන්ය.තවද පර්වතය පසෙක පාද ලාංචන සහිත ශිලාවක් තිබු බවට ද වාර්තා කර ඇත.නමුත් 1973 දා උන්වහන්සෙ එතනට වඩින විට එය නොතිබු බවද සඳහන් කර ඇත.තවද උන්වහන්සේට පළිමයක සිවුරු යැයි සැලකිය හැකි සලකුණු සහිත ගල් පතුරක් ද හමු වු බව වාර්තා කර අැත.වඩුන්නාගල බොදු පුද බිම උතුරු පලාතේ ඇති වැදගත් ස්ථාන වලින් එකකි.ලංකාවෙ හි ඇති ප්‍රධාන ලෙන් විහාර පරිශ්‍රයන් වන මිහින්තලය,රිටිගල,ආදි ආරම සමග සැසඳිමෙිිදි එම යුග වලටම මෙම පුද බිම අයත් බව පෙනි යයි.එමෙන්ම මෙම ප්‍රදේශය හා නාග ගෝත්‍රික ජනයාගේ සබඳකමිිද අධ්‍යයනය කළ හැක.

මෙම බිමෙහි ඇති බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් , ගෙඩනැගිලි සහ ඉදිකිරීම් දෙස බැලු විට මෙය⁣ බොදු පුද බිමක් බව මොනවට  තහවරු වෙ.එමෙන්ම ගොවිතැනින් සරුසාර භූමි ප්‍රදේශයක් ව පැවති බවට ද තහවුරු කර ගත හැක.

මෙම භූමියෙහි ඓතිහාසික සාධක සොයා යාමෙිිදි ඛල්ලාටනාග රජු විසින් ක්‍රි.ව. 100--103 අතර කාලයේ දී ගොඩ නැගු බව මහාවංශය පවසයි.


පුරාවිද්‍ය නිර්නායක අනුවද මෙම ස්ථානය ක්‍රි.පූ  2  සිට ක්‍රි වර්ෂ  1.2 දක්වා කාලය ට දිව යන බව සඳහන් ය.


තවද  ඓතිහාසික යුගය ඇරඹුමෙිි දී තිබු තාක්ෂණය ක් වන කටාරමිි කොටා භික්ෂුණ් වහන්සෙලා ට පූජා කළ ලෙන්ද , කාණු පාදමිි සහිත ගොඩනැගිලි මගින්ද මුල් ආරාමික යුගයේ ගොඩනැගිලි  ඉදිකිරිමෙිි තාක්ෂණය හමුවන බිමකි.


පසු කාලීනව පුරාවිද්‍ය දේපාර්තමෙිින්තුව මගින්  වර්ෂ 1920 අංක 09 දරණ පුරාවස්තු ආඥා පණත මගින් අවරණය වන පුරාවස්තු සහිත ස්ථානයක් වන මෙහි ප්‍රෙරන කලාපයද ඇතුළුව හඳුනාගත් අක්කර 50 කට අධික භූමි ප්‍රදේශය ක් පුරාවිද්‍ය රක්ෂිත බිමක් ලෙස නමිි කිරීමට යොජනා කර ඇත. 



Related News

කුරුනැගල දිස්ත්‍රික්කයේ තිරගමිි දහය කොරලයේ වඳුරාගල අකරන ගමිි දෙකට මැදිව ශ්‍රි සුමනාරාම පුරාණ විහාරය පිහිටා තිබෙිි.
දඹුල්ල, අනුරාධපුර පාරේ පිහිටා ඇති බුලාගල රන්දෙණිය රජමහ විහාරය යනු ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් ඉහළ පින්බිමකි.

ප්‍රධාන පුවත

ශ්‍රී සර්වඥ ධාතූන් දකුණින් උතුරට වැඩම කරවීම 'වෙසක් නෑගම' හුණුපිටිය ගංගාරාමයෙන් ඇරඹෙයි.

ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය සංවිධානය කරනු ලබන 'ධර්ම ශක්ති පූජා' වෙසක් වැඩසටහන හුණුපිටිය ගංගාරාම සීමා මාලකය අභියසින් අද ආරම්භ විය.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය එළඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ධර්මශක්ති පූජා වෙසක් 2026 - යාපනය

ජාතික සමගිය හා සංස්කෘතික සම්මිශ්‍රණය පිලිබඳ විශේෂ අවධානය යොමු වූ මේ වසරේ දී මෙම වැඩසටහන යාපනය ශ්‍රී නාග විහාරය කේන්ද්‍ර කරගනිමින් මැයි මස 30,31 ජුනි මස 01 දින යන තෙදින තුල වඩාත් උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්වීමට ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය තීරණය කොට තිබේ.

The Dharma Shakti Puja Vesak festival 2024

The Dharma Shakti Puja Vesak festival of community brotherhood organized by the General Conference for the Preservation of National Heritage will be held in Batticaloa this year in cooperation with the Ministry of Public Security, the Ministry of Buddha Sasana, Religious and Cultural Affairs, and Batticaloa Civil Organizations.

ධර්මශක්ති පූජා වෙසක් 2024 - මඩකලපුව ෴ මඩකලපුව නගරයේ වෙසක් කූඩු වලින් සැරසිලි කිරීමට ජාති කුල ආගම් බේදයකින් තොරව එක්වීම

ධර්මශක්ති පූජා වෙසක් 2024 - මඩකලපුව ෴ මඩකලපුව නගරයේ වෙසක් කූඩු වලින් සැරසිලි කිරීමට ජාති කුල ආගම් බේදයකින් තොරව එක්වීම