බුලාගල රන්දෙණිය රජමහ විහාරය
දඹුල්ල, අනුරාධපුර පාරේ පිහිටා ඇති බුලාගල රන්දෙණිය රජමහ විහාරය යනු ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් ඉහළ පින්බිමකි. දඹුල්ල ප්‍රදේශයේ සංචාරය කරන බොහෝ දෙනෙකුට මෙම විහාරස්ථානය වැදගත් වන්නේ එහි ඇති සන්සුන් පරිසරය සහ ඓතිහාසික සාධක නිසාය. මෙම විහාරය පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් මෙන්න.
1. ඓතිහාසික පසුබිම
වළගම්බා රජ සමය: සෙල්ලිපි වල සදහන් පරිදි දෙවන පෑතිස් රජසමයට අයත් විහාරස්ථානයක් සේ සැලකෙන මෙම විහාරස්ථානය මනරම් ගල් තලාවක් මත පිහිටා ඇත.මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි බවටත් උන්වහන්සේගේ දේහය රන්දෙනක තබා ගෙනගිය බැවින් රන්දෙන ගෙන ගිය බැවින් රන්දෙණි ඇළ නමින් ඇලක් ද ඇත.
2. පුරාවිද්‍යාත්මක සාධක
සෙල්ලිපි ගල්කණු වලින් පිරී තිබූ ස්ථානයක් සේම පැරණි සෑයක් වෙහෙර වහන්සේ නමින් ඇත.
දීර්ඝ කාලයක් පුරාවිද්‍යා සාධක ද විනාශ කරමින් සල්ලාලයන්ගේ රජදහනක්ව පැවති මෙම ස්ථානය 2007 වසරේ නැවත විහාරස්ථානයක් ලෙස ආරම්භ කරන ලද්දේ රංගිරි දඹුළු රජමහ විහාර උයන්වත්ත පුරාණ විහාරාධිපති අතිපූජ්‍ය හල්මිල්ලවැවේ පේමරතනාභිධාන නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙනි.පොළ් අතු පැලකින් ආරම්භ වූ මෙම විහාරස්ථානය අද වන විට සියළු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ වී ඇත.
3. පිහිටීම සහ ප්‍රවේශය
මෙය පිහිටා ඇත්තේ දඹුල්ල නගරයේ සිට අනුරාධපුරය දෙසට යන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේය. දඹුල්ල රන්ගිරි රජමහ විහාරයේ සිට කිලෝමීටර කිහිපයක දුරින් මෙය පිහිටා ඇති නිසා පහසුවෙන් ළඟා විය හැකිය.






Related News
ප්‍රධාන පුවත
ශ්‍රී සර්වඥ ධාතූන් දකුණින් උතුරට වැඩම කරවීම 'වෙසක් නෑගම' හුණුපිටිය ගංගාරාමයෙන් ඇරඹෙයි.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව
ධර්මශක්ති පූජා වෙසක් 2026 - යාපනය
The Dharma Shakti Puja Vesak festival 2024
ධර්මශක්ති පූජා වෙසක් 2024 - මඩකලපුව ෴ මඩකලපුව නගරයේ වෙසක් කූඩු වලින් සැරසිලි කිරීමට ජාති කුල ආගම් බේදයකින් තොරව එක්වීම