කුරුනැගල වඳුරාගල, ශ්‍රි සුමනාරාම පුරාණ පිරිවෙන් මහා විහාරය
කුරුනැගල දිස්ත්‍රික්කයේ තිරගමිි දහය කොරලයේ වඳුරාගල අකරන ගමිි දෙකට මැදිව ශ්‍රි සුමනාරාම පුරාණ විහාරය පිහිටා තිබෙිි. එක් පසෙකින් විල්බාව කන්ද ද අනෙක් පසින් කටුකොටිිටෙ කන්දට ද මැදිව අලංකාර වෙල්යායක් මැදිව රමණිය ගල් තලාවක් මත පිහිටා තිබෙන දර්ශනිය පුද බිමකි.
ශ්‍රි ලංකාව 1815 දි ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත් වු පසු එදා මෙදා තුර විවිධ බදු බරින් පීඩිත වු සිංහල ජනතාවගේ විරොධය ඉංග්‍රීසි ආණ්ඩුව වෙත දිනෙන් දින බුරා බුරා නැගෙන්න ට විය. කොතෙක් වුවත් පීඩාවන් ඉවසිය නොහැකි ව සිංහල ජනතාව ආණ්ඩුව පෙරලා දැමිම සඳහා තැනින් තැන කුමත්‍රණකාරිව කැරළි ගසන්නට වුහ. මෙ නිසා එක්දහස් අටසිය හතලිස් ගනන් වල භික්ෂූන් වහන්සෙලා ද රහසිගත උපදෙස් ඇතිව ගොන්ගාලේ ගොඩ බණ්ඩා නැමති වීරයා යටතේ ශ්‍රි ලංකාව පුරා කැරළිකරුවන් සංවිධානය වන්නට විය.
එම සංවිධාන ශක්තිය කොතරමිි විධිමත් ලෙස සිදු උවාද කියතොත් අනුරාධපුරය ,මහනුවර,මාතලේ,කුරුනැගල ආදි ප්‍රදේශ වල ප්‍රාදේශීය නායකයන් පවා සංවිධානය වුහ.මෙම අරගලයේ වයඹ පලාත භාරව ක්‍රියා කළ ප්‍රධාන නයකයා වඳුරාගල බණ්ඩා නමිනුත් උප නායකයා විල්බිවෙ රාළ නමිනුත් ප්‍රසිද්ධ පවති.එදා කැළැ පෙදෙසක් ව තිබු මෙම විහාරස්ථනය තිබෙන ප්‍රදේශය ඔවුන්ගේ ජාතික සටන් මෙහෙයවන මධ්‍යස්ථානය විය.මෙම කාල පරිචිිචෙිිදය තුල ළඳු කැලෑව හරහා වැටි තිබු අඩි පාරක එක්තරා වැසි දිනනයක හැඟුම්බර කල්පනාවෙන් වඩින භික්ෂුන්වහන්සේ නමකගේ නෙත මෙම ස්ථානය වෙත යොමු විය.උන්වහන්සේ පිළිබඳව පැහැදුනු වඳුරාගල බණ්ඩා විරුවා පහන් සිතින් කුටියක් කරවා උන්වහන්සේට පූජා කොට ඇප උපස්ථාන කරන ලදි.
එදා ඇතා උනු නිදහස් සටන අසාර්ථක වීමෙන් පසු හාමුදුරුවරුන් හුදකලා ව වැඩ වසසන්නට විය.මෙ කාලයේදි විල්බාව පරපුරට අයත් කුඩා ස්වාමින්වහන්සේ නමක් හක්බෙලි කන්ද භාවනා මධ්‍යස්ථානයට ගොස් තිබෙිි.උන් වහන්සේ නැවත විල්බාව විහාරස්ථනය ට වැඩමවා එහි සිටිමට අපහසු නිසා අන්දරගස් හින්න නමිි මෙම ආවසයට පැමිණ එහි වැඩ වාසය කරන ලොකු හාමුදුරුවන්ගෙ ආදරය කරුණාව ලැබ වැඩ වසන්නට විය.උන්වහන්සේගේ මෑණියන් රත්ගල්ලේ වන අතර පියා වයඹ පළාතේය.මෙ දෙපල සැහෙන ප්‍රමාණයේ දේපලකට හිමි කමිි කියු අය වුහ.
එම දෙපලගේ එකම දරුවා වන මෙම කුඩා ස්වාමින්වහන්සේ ධනයට වඩා පැවිදිකම අගය කරන්න විය.වයඹ ධමිිමසිද්ධි නමින් ප්‍රකට උන්වහන්සේ ප්‍රදේශ වාසීන්ගේ නොමද ගෞරවයට ද එකල ඒම ප්‍රදේශය පාලනය කළ ඉංග්‍රීසි මහ දිසාපති තුමාගේද ගෞරවයට පාත්‍ර විය.එබැවින් අන්දරගස්හින්න නැමති මෙම භූමිය බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ට උන් වහන්සෙ වෙත පූජා කරණ ලදහ.
අක්කර පහක ට වඩා වැඩි බිමිි කඩක් වු ප්‍රමාණය ප්‍රථමයෙන් හෙලි පෙහෙලි කර පංසලක් සැදීමෙ ගෞරවය උන් වහන්සෙ ට හිමි විය යුතුය.ඉන් නොනැවතුනු උන් වහන්සේ ත්‍රිවිධ චෛත්‍යය න් සහිත අංග සමිිපුර්ණ විහාරයක් බවට මෙබිම පත් කරන ලදි.තම මවු පියන්ගේ ඇවෑමෙන් තමාට හිමි වු සියළු සමිිපත් අලෙවි කර මෙම විහාරස්ථනයේ දියණුවට එය කැප කර විහාරස්ථනයේ සවර්ණමය යුගට උදා කිරිමට සමත් විය.









Related News
ප්‍රධාන පුවත
ශ්‍රී සර්වඥ ධාතූන් දකුණින් උතුරට වැඩම කරවීම 'වෙසක් නෑගම' හුණුපිටිය ගංගාරාමයෙන් ඇරඹෙයි.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව
ධර්මශක්ති පූජා වෙසක් 2026 - යාපනය
The Dharma Shakti Puja Vesak festival 2024
ධර්මශක්ති පූජා වෙසක් 2024 - මඩකලපුව ෴ මඩකලපුව නගරයේ වෙසක් කූඩු වලින් සැරසිලි කිරීමට ජාති කුල ආගම් බේදයකින් තොරව එක්වීම