පොත්තේ වෙල ජයසුමනාරාමය


අනන්ත අපරිමාණ සකල ගුණ නිධාන වූ සද්ධර්ම චක්‍රවර්තී අසරණ සරණ වූ දසබලධාරී ශාක්‍යසිංහයන් වහන්සේට නමස්කාරය වේවා!


ලෝක සත්තවයා කෙරෙහි අපරිමිත දයානුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කළ අප තථාගතයන් වහන්සේ බුදුකුරු ශාවක මහා සංඝයාගෙන් පරිතෝෂිත වූ මහා විහාරීය කීර්ති ශෝභා සම්පන්න ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ විහාර ගණයේ තවත් එක් විහාරස්ථානයක් ලෙස සියනෑ කෝරළයේ මීරිගම පුරවරයේ ජයසුමනාරාම විහාරය සඳහන් කළ හැකි ය. තවද, සිය නෑ කෝරළයට එස වූ ධජයක් බඳු වූ පුණ්‍ය භූමියක් වන කළු අග්ගල විද්‍යා කර පිරිවෙන් මහා විහාරයේ ආධිපත්‍යය හොබවන හාපිටිගම් අලුත් කුරු දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරන්ධර අති පූජ්‍ය හල්පේ ශ්‍රී සරණංකර ස්ථවිරපාදයන් විසින් වර්ෂ 1985 දී දඹදිව ආනන්ද බෝධීන් වහන්සේගෙන් හටගත් බෝධි අංකුරයක් බුද්ධ ප්‍රථිමා වහන්සේ නමක් එවකට කටුරොද වන පෙදෙසක් වූ වර්තමාන විහාරය පවතින ස්ථානයේ ස්ථාපිත කිරීමෙන් ප්‍රථම වරට මෙම භූමිය පාරිශුද්ධත්වයට පත් කරන ලදී.


එවක් පටන් ග්‍රාම වාසී සැදැහැතියන්ගේ වන්දනාවට බඳුන් වූ මෙම පුණ්‍ය භූමිය ක්‍රමයෙන් සංවර්ධනයට පත් වූයේ අංග සම්පුර්ණ විහාරයකට අවශ්‍ය සියලු අංග ප්‍රත්‍යංග ද සමගිනි. නායක හිමියන්ගේ අධිපතීත්වය යටතේ මෙවක් පටන් විවිධ පිං ඇති හිමිවරු මෙම පිං බිම තුළ වැඩ වාසය කරමින් ශාසනික මෙහෙය පූර්ණය කරනු ලැබ ඇති අතර ස්ථිර වාසය සඳහා කිසිවෙකු නොවීය. මෙවැනි සමයක් තුළ වර්ෂ 1993 දී වර්තමානයේ විහාරස්ථානයේ විහාරාධිපතීත්වය හොබවන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්ය යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක දුරන්ධර ශාස්ත්‍රපති පුජ්‍ය කළු අග්ගල සරණ සිරි හිමියන්ගේ වැඩමවීම සිදු විය. උන්වහන්සේගේ වැඩමවීම මෙම පුණ්‍ය භූමියට විශාල ආලෝකයක් විය. විහාරස්ථානයේ භෞතික වශයෙන් සංවර්ධනය කිරීම සඳහා උන් වහන්සේ සිය කාලය හා ශ්‍රමය කැප කළේය.


එවකට විහාරස්ථානය සඳහා අත්‍යාවශ්‍යව පැවති ධර්ම ශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කළ උන්වහන්සේ දායකකාරකාදීන්ගේ දායකත්වය ඇතිව වර්ෂ 1996 දී දෙසියයකට අධික සැදැහැවතුන් පිරිසකට ප්‍රමාණවත් වන පරිදි අලංකාර ධර්ම ශාලා ගොඩනැගිල්ල සාදා නිම කරන ලදී.


අනතුරුව, වර්ෂ 1999 දී විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් "ශ්‍රී ධර්මාකර පෙර පාසැල " ආරම්භ කරන්නට යෙදුනේ අතීතයේ පටන් බෞද්ධ විහාරස්ථානය ආගමික පමණක් නොව අධ්‍යාපනික ආයතනයක් වූ ආකාරය නැවත සිහිපත් කරවමිණි. ඊට සමගාමීව වර්ෂ 2001 දී විහාරාධිපති පූජ්‍ය කළු අග්ගල සරණ සිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් " ශ්‍රී ධර්මාකර දහම් පාසැල " ආරම්භ කරන ලදුව ප්‍රදේශවාසී දරුවන්ගේ දහම් දැණුම මෙන්ම ආකල්ප සංවර්ධනයෙහි ලා සුවිශාල මෙහෙයක් ඉටු කරන්න ට අප විහාරස්ථානයට හැකි විය. බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමේ ලා මෙලෙස අරඹන ලද මෙහෙවර වර්තමානය තුළ ප්‍රදේශයට විශාල කීර්තියක් අත් කර දෙමින් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.


විහාරස්ථානයේ මීළඟ භෞතික සංවර්ධන කාර්යය වූ යේ අභිනව සංඝාවාසය ඉදිකිරීමයි. සතර පේරුවේ දායකකාරකාදීන්ගේ නොමේද අනුග්‍රාහකත්වය යටතේ වර්ෂ 2005 දී වර්තමානයේ විහාරස්ථ මහා සංඝයා වැඩසිටින සංඝාවාස ගොඩනැගිල්ලේ පහත මාලයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන්නට හැකි විය. විහාරස්ථානයේ අත්‍යාවශ්‍ය ආගමික අංගය ලෙස චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් අරඹා තිබූ අතර ඉතා දර්ෂණීය වූ ඝණ්ඨාකාර හැඩයෙන් යුත්, එවකට අවට විහාරස්ථාන සියල්ල අභිබවමින් සුවිසල් මෙන්ම බොදුනුවන්ගේ සැදැහැතිය වඩවන ලෙසින් ඉදිකොට නිමවන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් නිරාවරණය වර්ෂ 2010 දී පුද පූජා මධ්‍යයේ දී සිදු කෙරිණි. එපමණක් නොව විහාරස්ථානයේ සුන්දරත්වය වැඩිදියුණු කරවන ප්‍රවේශ ද්වාරයේ වාහල්කඩ ඉදිකිරීම 2012 වර්ෂයේ දී සිදු කෙරුණු අතර වර්තමානයේ දකින මෙම ඉදිකිරීම අප විහාරස්ථානයට පමණක් ආවේණික වූ වාස්තු විද්‍යා නිර්මාණයක් බව පැවසුව මනාය. කාලයත් සමග විහාරස්ථානයේ පහස ලබන සැදැහැතියන්ගේ ගණන වැඩිවත්ම භෞතික සංවර්ධනය ද අත්‍යාවශ්‍ය කරුණක් විය. ඒ හේතුවෙන් වර්ෂ 2012 දී විහාරස්ථානයේ ඉහළ මළුව අභියස නව ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකරන ලදී. මෙවන විට විහාරස්ථානයේ බෝධීන් වහන්සේලා දෙනමක් වැඩ සිටි අතර ඉන් එක් නමක් පහළ මළුවේත් අනෙක් බෝධීන් වහන්සේ ඉහළ මළුවේ විහාරස්ථානය ආරම්භයේ දී රෝපණය කරන ලද බෝධීන් වහන්සේත් ය. ඉහළ මළුවේ බෝධීන් වහන්සේ වටා රන්වැට ඉදි කිරීම 2017 වර්ෂයේ දී සිදු කෙරිණි.


මෙලෙස අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් වූ අප විහාරස්ථානයේ ආගමික ශාස්ත්‍රීය අගය වැඩි දියුණු කරමින් 2023 වර්ෂයේ දී අභිනව දාන ශාලාව, පුස්තකාලය සහිත ධාතු මන්දිරය ඉදිකොට සසුනට දායාද කරනු ලැබිණි. අලංකෘත ධාතු මන්දිරයේ කොත් කැරැල්ලෙන් නැගෙන ආලෝකය මුලු මහත් ප්‍රදේශයටම ආශීර්වාදයකි. 


මෙකී සියලු අංග ප්‍රත්‍යංගයන්ගෙන් සමලංකෘත අප විහාරස්ථානය ආරම්භක අවධියේ පටන් මුලු මහත් ලෝක සත්ත්වයාට ධර්ම රසය පතුරුවමින් මෝක්ෂය සලසන පුණ්‍ය භූමියක් ලෙසින් වර්තමානයේ විරාජමානව පවතී.


ශාසනාභිවෘද්ධිය පිණිස ජයසුමනාරාම වෙහෙර දිගු කල් සුරැකේවා!!!



Related News

අති පූජ්‍ය මඩමිිපැල්ලේ සිරි සුධමිිම මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ
කුරුනැගල දිස්ත්‍රික්කයේ තිරගමිි දහය කොරලයේ වඳුරාගල අකරන ගමිි දෙකට මැදිව ශ්‍රි සුමනාරාම පුරාණ විහාරය පිහිටා තිබෙිි.
මුළු රටටම විනයක්ව පැවති කුරිරැ ත්‍රස්තවාදී සංවිදානය මුලිනුපුටා දැමීමෙන් පසු උතුරැ කරයේ ආරම්හ කල ප්‍රථම විහාරස්ථානය මෙයයි.
දැනට වසර 120කට පෙර ආරම්භ වූ මෙම විහාරස්ථානය ගම්වාසීන්ගේ ආගමික, සමාජීය හා සංස්කෘතික ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරයි.
දඹුල්ල, අනුරාධපුර පාරේ පිහිටා ඇති බුලාගල රන්දෙණිය රජමහ විහාරය යනු ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් ඉහළ පින්බිමකි.
යටත් විජිත සමයන් වල බලපැම ද ඒ වගේම ඉන් පසු ද්‍රවිඩ ජනාවාස ඇති වීම සමග ..ද්‍රවිඩ ව්‍යවහාරය සමග අද වන විට වෙඩික්කින්නරිමලේ ලෙස පරිවර්තනය වු බව පෙනි යයි.

ප්‍රධාන පුවත

ශ්‍රී සර්වඥ ධාතූන් දකුණින් උතුරට වැඩම කරවීම 'වෙසක් නෑගම' හුණුපිටිය ගංගාරාමයෙන් ඇරඹෙයි.

ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය සංවිධානය කරනු ලබන 'ධර්ම ශක්ති පූජා' වෙසක් වැඩසටහන හුණුපිටිය ගංගාරාම සීමා මාලකය අභියසින් අද ආරම්භ විය.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය එළඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ධර්මශක්ති පූජා වෙසක් 2026 - යාපනය

ජාතික සමගිය හා සංස්කෘතික සම්මිශ්‍රණය පිලිබඳ විශේෂ අවධානය යොමු වූ මේ වසරේ දී මෙම වැඩසටහන යාපනය ශ්‍රී නාග විහාරය කේන්ද්‍ර කරගනිමින් මැයි මස 30,31 ජුනි මස 01 දින යන තෙදින තුල වඩාත් උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්වීමට ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය තීරණය කොට තිබේ.

The Dharma Shakti Puja Vesak festival 2024

The Dharma Shakti Puja Vesak festival of community brotherhood organized by the General Conference for the Preservation of National Heritage will be held in Batticaloa this year in cooperation with the Ministry of Public Security, the Ministry of Buddha Sasana, Religious and Cultural Affairs, and Batticaloa Civil Organizations.

ධර්මශක්ති පූජා වෙසක් 2024 - මඩකලපුව ෴ මඩකලපුව නගරයේ වෙසක් කූඩු වලින් සැරසිලි කිරීමට ජාති කුල ආගම් බේදයකින් තොරව එක්වීම

ධර්මශක්ති පූජා වෙසක් 2024 - මඩකලපුව ෴ මඩකලපුව නගරයේ වෙසක් කූඩු වලින් සැරසිලි කිරීමට ජාති කුල ආගම් බේදයකින් තොරව එක්වීම